Tuesday, 28 February 2017

සිසිර සේනාරත්න


මාගේ පුතුට මල්

මාගෙ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමුවූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ

පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ

මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැළවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ //

ගායනය - සිසිර සේනාරත්න
සංගීතය - සිසිර සේනාරත්න
ගී පද - ධර්මසිරි ගමගේ






Sunday, 26 February 2017

මනකල් හදවිල් තලයේ

ඉස්කෝලේ යන කාලේ අහපු හරි ලස්සන සිංදුවක්.ළමයි කීපදෙනෙක් කරන සමුහ ගායනයක්.මේ සින්දුවේ මුල් පිටපතක් හොයා ගන්න හැදුවත් ඒක ලේසි උනේ නෑ.ඒ කාලේ අන්තර්ජාලය, youtube වගේ මාධ්‍ය ඒ කාලේ නොතිබීම වෙන්නැති.

අපි මේ වගේ ගීත අහපු අන්තිම පරම්පරාව.අපිටත් ලොකුවට සෙල්ලම් කරන්න කාලය නොතිබුනත්,කුඹුරකට බැහැලා මඩ ගා ගන්න,ගස් නැගලා දවසම ගහ උඩ ඉන්න,කට දම්පාට වෙනකල් දං ගෙඩි කන්න,නමිනං බිලිං අසනීප වෙනකල් කන්න,වෙලේ සාරි ගප්පි,හඳයෝ අල්ලලා බෝතල් වල දාල ගෙදර ගෙනත් ඇති කරන්න කාලයක් තිබුණා.ඒ ගැන සතුටක් තිබුනත් ඊළඟ පරම්පරාවට මේ වගේ ගීත,ළමා කාලයක් නැති වීම දරාගන්න බැරි කාරණයක්.



මනකල් හදවිල් තලයේ
පිපි නිවහල් මල්
රටට පිපෙන මල්
අපි වෙමු පුංචි කැකුළු මල්

විලක පිපුණු මල් විල මැද
නිල් මහනෙල් මල්
දැයට පිපුණු මල් කැල මැද
කුන්ද සමන් මල්

ගුමි ගුමි ගීයට මිහිලොල්
නැළැවෙන වන මල්
ගෙලට බඳින මල් ලක්මව
රුව සරසන මල්


සුනිල් සරත් පෙරේරා මහත්තයා ඔය ගීතය ගැන පුවත්පතකට මෙහෙම කියලා තිබුණා.


ගුවන් විදුලි ළමා වැඩ සටහන් තේමා ගීතය වශයෙන් කාලාන්තරයක් තිස්සේ භාවිත වු "මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් - රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්” පරම්පරා කීපයක ළමයින් පුබුදු කළ ගීතය ළමා පිටියෙන් ම බිහිවූ මවිසින් පබැඳීම වෙසෙසින් ස්මෘතියට නැ‍ඟෙන්නකි. මෙයින් කිසියම් ආත්ම තෘප්තියක් ද මම අත්විඳිමි.
අමරදේවයන්ගේ තනුවකට අනුව අමරදේව මහතා ප්‍රමුඛ ගුවන් විදුලි ළමා ගායක ගායිකා පිරිසක් මෙය ගයති.


"මනකල් හද විල් තලයේ” ගීතය පළමුව නිර්මාණය වුයේ එදවස ගුවන් විදුලි ළමා වැඩ සටහන් නිෂ්පාදකවරයකු වූ සුනෙත් ගෝකුල මහතාගේ ආරාධනාවකට අනුව ඔහු විසින් නිෂ්පාදනය කළ ගුවන් විදුලි ළමා වැඩ සටහනක් සඳහා ය. -සුනිල් සරත් පෙරේරා